Wednesday, February 11, 2026
Homeදේශීයදයාසිරි ජයසේකරගේ නඩුවක නියෝගය 17 දක්වා කල්යයි

දයාසිරි ජයසේකරගේ නඩුවක නියෝගය 17 දක්වා කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස පක්ෂයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම මෙම මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ දිසා අධිකරණය අද (06) නියෝග කළේය.

අදාළ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එය ලබන 17 වනදා දක්වා කල් දමන බව අධිකරණය දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන් පිළිගනිමින් මීට පෙර දිසා අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව දයාසිරි ජයසේකර මහතා අධිකරණයට දැනුම් දී ඇත.

එම නියෝගයට අනුව, මහ ලේකම් ධුරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments