Saturday, December 20, 2025
Homeදේශීයදවස් 23කට පසු බදුල්ලෙන් ගමන් ඇරඹූ ‘උඩරට මැණිකේ’

දවස් 23කට පසු බදුල්ලෙන් ගමන් ඇරඹූ ‘උඩරට මැණිකේ’

‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, එම මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) පෙරවරුවේ නැවත ආරම්භ කෙරුණි.

ඒ අනුව මංගල ගමන සනිටුහන් කරමින් අද පෙරවරු 8ට බදුල්ලෙන් අඹේවෙල දක්වා විශේෂ ‘උඩරට මැණිකේ’ දුම්රිය ගමන් ඇරඹීය.

‘දිට්වා’ ආපදාවෙන් පසු දින 23කට පසුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් මෙලෙස ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද සිට බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments