Saturday, October 25, 2025
Homeදේශීයදශක ගණනාවකට පසුව පළමු වතාවට සියළු මූල්‍ය ඉලක්ක අභිබවා යනවා – මහ...

දශක ගණනාවකට පසුව පළමු වතාවට සියළු මූල්‍ය ඉලක්ක අභිබවා යනවා – මහ බැංකු අධිපති

රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති බවත් දශක ගණනාවකට පසුව, මූල්‍ය ඉලක්ක ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවත් මහ බැංකු අධිපති, ආචාර්ය, පී. නන්දලාල් වීරසිංහ පවසයි.

රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති අතර රාජ්‍ය වියදම් පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය පරතරය අඩු අගයක් ගෙන තිබේ.

අවම වශයෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතනයෙන් 15.3%ක් විය යුතු බවට වූ ඉලක්කය මෙවර ඉක්මවා යනු ඇති බව මහ බැංකු අධිපති පවසයි.

ඊට අමතරව ප්‍රාථමික අතිරික්තය ලබා දී තිබෙන ඉලක්කය වන 2.3% සීමාව ඉක්මවා යනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරයි.

ලබන වසර වනවිට උද්ධමනය අපේක්ෂිත 5% සීමාව එනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

2022 සහ 2023 යන වසරවල ආර්ථිකයේ සිදු වූ හැකිලීමෙන් පසුව ආර්ථිකය දැන් 5%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ලබන වසරේදීද ආර්ථික වර්ධනය 4%ත් 5%ත් අතර අගයක පවතිනු ඇති බව මහබැංකු අධිපති පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments