දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින බංගලාදේශය නව රජයක් තෝරාගැනීම සඳහා වන මහ මැතිවරණය අද (12) පැවැත්වේ.
2024දී පැවති ශිෂ්‍ය අරගලයෙන් ෂෙයික් හසීනා රජය පෙරළා දැමීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ මැතිවරණය මෙය වේ.
මෙවර මැතිවරණ සටනේ පෙරමුණේ පසුවන්නේ බංගලාදේශ ජාතික පක්ෂය (BNP) සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය ලබන ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයයි. අපකීර්තියට පත් අවාමි ලීගයට මෙවර මැතිවරණයට තරඟ කිරීම තහනම් කර තිබේ.
එමෙන්ම, පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු ද යන්න පිළිබඳ ජනමත විචාරණයක්ද මැතිවරණයට සමගාමීව පැවැත්වේ.
හසීනා රජය විසින් ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කිරීමේදී පුද්ගලයින් 1,400කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

