Wednesday, November 26, 2025
Homeදේශීයදැදුරු ඔය හා අත්තනගලු ඔය ගඟවලට ගංවතුර අනතුරු ඇඟවීම

දැදුරු ඔය හා අත්තනගලු ඔය ගඟවලට ගංවතුර අනතුරු ඇඟවීම

දැදිුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරුදායක නිවේදනයක් නිකුත් කරයි. ඉහළ වර්ෂාපතනය නිසා දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර මට්ටමට සමීප බවද, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තත්ත්වය පාලනය කරමින් පවතින බවද සඳහන් වේ.

මෙම තත්ත්වය හේතුවෙන් වාරියපොල, නිකවැරටිය, මහව, බිංගිරිය, පල්ලම, හලාවත ඇතුළු ප්‍රදේශවල පහත්බිම් ප්‍රදේශ ජලයෙන් යටවිය හැකියි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රදේශවාසීන්ට විශේෂ අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී ඇත.

එසේම පසුගිය පැය කිහිපය තුළ වර්ෂාපතනය වැඩි වීම නිසා අත්තනගලු ඔය ද්‍රෝණියේද ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජාඇල, කටාන, වත්තල යන ප්‍රදේශවල පහත් බිම් ගංවතුරට අවදානම් වන බවත්, මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමේ හැකියාවද පවතින බවත් කියවෙයි.

ප්‍රදේශවාසීන් සහ රථවාහන රියදුරන් මෙම තත්ත්වය පිළිබඳ සවිස්තරවත් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවවාද කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments