දිට්වා සුළි කුණාටුවට මුහුණදීමට පෙර නිසි සූදානමක් නොතිබූ බව සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා යෝජිත විශේෂ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
එමෙන්ම, එම විශේෂ කාරක සභාවේ සංයුතිය යළි සකස් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මෙම කාරක සභාව පත්කරන ලෙස මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත ලිඛිත ඉල්ලීමක් පසුගිය දෙසැම්බර් 18 වැනිදා කථානායකවරයා වෙත භාරදුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන් කථානායකවරයා පැවසුවේ, එය සම්බන්ධයෙන් මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවය.

