දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට වැඩි වන්දි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ගවයන්, ඌරන්, එළුවන් සහ කුකුළු ගොවිපොළවල් විනාශ වූ ගොවීන්ට මෙම වන්දි ලබා දී ඇති අතර, සතුන් රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

