Friday, January 23, 2026
Homeදේශීයදින දෙකක පාස්පෝට් පෝලිමේ රැඳී සිටි ගැබිනියගේ දරුවා උපතේදී මියයයි

දින දෙකක පාස්පෝට් පෝලිමේ රැඳී සිටි ගැබිනියගේ දරුවා උපතේදී මියයයි

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්ත‌මේන්තුවේ පාස්පෝට් පෝලී‌මේදී රැදී සිටි හැටන් ප්‍රදේශයේ ගැබිනි කාන්තාව අද (7) කාසල් රෝහලේදි සිදු ප්‍රසූත කළ දරුවා ඒ අවස්ථාවේ දීම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිය සැමියා සමග ඊයේ (6) පාස්පෝට් පෝලිමට පැමිණි ඇය අද උදෑසන ඇති වූ ප්‍රසූත වේදනාව හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ඇය ග්රෑම් 500 බරකින් යුතු අඩු බර දරුවෙකු බිහි කර ඇත.

ඒමොහොතේදීම දරුවා මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කෙසේ වෙතත් මළ දරු උපතක් සිදුකළ එම කාන්තාව මේ වන විට සුවෙන් පසුවන බව අප කළ විමසුමකදී ප්‍රසව හා නාරිවේද විහේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

එහෙත් මාධ්‍ය වාර්තා කර තිබුණේ කාන්තාව සහ දරුවා සුවයෙන් පසුවන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments