දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම්වලදී විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් අතරතුර පුද්ගලයින් 28,333 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
ඊට අමතරව, විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 263 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 141 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
තවද බීමත්ව රිය ධාවනය කළ බවට පුද්ගලයින් 424 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

