Monday, November 25, 2024
Homeදේශීයදුම්රිය වැඩ වර්ජනයේ:සිසුහු - මගීහු අමාරුවේ

දුම්රිය වැඩ වර්ජනයේ:සිසුහු – මගීහු අමාරුවේ

ගුටි කෙලියක් හේතුවෙන් දුම්රිය උප නියාමකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනය තුළත්  ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීහු සහ කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

දුම්රියක් පැමිණෙන තෙක් දුම්රිය ස්ථානවල විශාල පිරිස් රැඳී සිටින අතර කලාතුරකින් ගමන් ගන්න දුම්රියවල විශාල පිරිස් දොරවල්වල පවා එල්ලී ගමන් කරනු දක්නට ලැබිණි.

මෙම වැඩ වර්ජනය හේතවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාට 100කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කෙරුණු අතර සේවය නිමවා නිවෙස්වලට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණි කාර්යල සේවකයෝ මෙන්ම දුරබැහැරින් කොළඹ පාසල්වලට පැමිණි දරු දැරියන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබිණි.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබූ අතර කළුතරින් පමණක් ගමන් ආරම්භ කරන දුම්රිය ගමන්වාට අටක් පමණ අවලංගු කර තිබු බව දුම්රිය ස්ථාන ආරංචි මාර්ග කියයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙන්ම පුත්තලම දුම්රිය මාර්ගයේ ද දුම්රිය රැසක් අවලංගු කර තිබුණි. ධාවනය වූ දුම්රියවලට ගමන් කල නොහැකි මට්ටමට මගීන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments