Sunday, January 18, 2026
Homeදේශීයදෙදරු මවකට මරු කැඳවූ අනතුරක් මැදවච්චියේ

දෙදරු මවකට මරු කැඳවූ අනතුරක් මැදවච්චියේ

මැදවච්චිය – රඹෑව A9 මාර්ගයේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (07) උදෑසන සිදුවූ අනතුරකින් 47 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇත.

ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවූ අතර, මියගිය කාන්තාව පදවිය බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගී වීමට යමින් සිටියදී මෙම අනතුරට ලක්විය. අනතුරේදී ඇයගේ සැමියා සහ දියණිය සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ලොරි රථයේ රියදුරුට නින්ද යාමක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments