Tuesday, February 17, 2026
Homeදේශීයදොඩන්ගොඩ දී මාරක රිය අනතුරක්

දොඩන්ගොඩ දී මාරක රිය අනතුරක්

දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ–පුහාබුගොඩ මාර්ගයේදී සිදුවූ දුර්භාග්‍යමත් රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් වාර්තා අනුව, මළබඩ හන්දියෙන් පුහාබුගොඩ දෙසට ධාවනය වූ ටැක්ටර් රථයක්, එම මාර්ගයෙන් එළඹි යතුරුපැදියක් සමඟ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

අනතුරෙන් යතුරුපැදියේ පැදිකරු හා පිටුපස ගමන් කළ දෙදෙනාට තුවාල ඇතිව නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එම පිරිස අතර පිටුපස ගමන් කළ පුද්ගලයා, රෝහල් ප්‍රතිකාර අතර ජීවිතක්ෂයට පත්විය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ යටදොල, නාවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දොඩන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments