Thursday, February 12, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්.

ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබේ.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර ඇත.

ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු වී තිබිණි.

ඉකුත් 21 වැනිදා ධනුෂ්ක ගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments