Thursday, January 15, 2026
Homeදේශීයධීවර ක්ෂේත්‍රයට අදාළ නීති රෙගුලාසි ලබන මස පළමු වනදා සිට දැඩි කරයි

ධීවර ක්ෂේත්‍රයට අදාළ නීති රෙගුලාසි ලබන මස පළමු වනදා සිට දැඩි කරයි

ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ නීති රෙගුලාසි ලබන මස පළමුවනදා සිට තවත් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නව නීති අනුව, විදෙස් මුහුදු සීමා උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) හිතාමතා ක්‍රියා විරහිත කරන ධීවර යාත්‍රාවල කාර්ය මණ්ඩලවලට මාස 6ක ධීවර තහනමක් පැනවීමට නීතිමය ඉඩ සැලසෙනු ඇත.

ධීවර කර්මාන්තයේදී ගෝලීයව පිළිගත් ක්‍රමවේදයන්ට අනුගත වීම අත්‍යවශ්‍ය බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වෙනත් රටවල මුහුදු කලාපවලට අනවසරයෙන් ඇතුළු වීම මෙරට ධීවර යාත්‍රා සිදුකරන ප්‍රධාන නීති උල්ලංඝනයක් බවත්, එමෙන්ම නීති විරෝධී ක්‍රියා වසන් කිරීම සඳහා ඇතැම් යාත්‍රා VMS පද්ධතිය හිතාමතා අක්‍රිය කරන බවත් සඳහන් කරයි.

මෙවැනි නීති විරෝධී ක්‍රියා වලින් වැළකී සිටින ලෙස ධීවර යාත්‍රා කාර්ය මණ්ඩල වෙත අවධාරණාත්මකව දැනුම් දෙනු ලැබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments