Thursday, November 13, 2025
Homeවිදේශීයනවදිල්ලියට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ? – දෙසැම්බර් 6 තීරණාත්මක දිනයක්

නවදිල්ලියට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ? – දෙසැම්බර් 6 තීරණාත්මක දිනයක්

ඉන්දියාවේ නවදිල්ලි නගරය ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සැලසුම් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලි හි රතු බලකොටුව ආසන්නයේ පසුගිය (10) වැනිදා සිදුකළ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලබාගත් ප්‍රශ්න විමසුම් මඟින් මෙම තොරතුරු අනාවරණ වී ඇත.

ඉන්දීය ආරක්ෂක අංශ අනුව, දෙසැම්බර් 6 වන දිනට — 1992 වසරේදී බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය සැමරෙන දිනයට — පළිගැනීමක් ලෙස නවදිල්ලි නගරයේ ස්ථාන හයකදී පිපිරීම් සිදු කිරීමට සැලසුම් කර තිබුණා.

මෙම සැලසුම් සම්බන්ධයෙන් ‘ජයිෂ් ඊ මොහම්මද්’ නම් ඉස්ලාම් අන්තවාදී සංවිධානය සම්බන්ධ බව අනාවරණ වී ඇත.

මේ අතර දිල්ලි නගරයේ සිදුවූ ප්‍රහාරය “ජාතික විරෝධී ත්‍රස්ත ක්‍රියාකාරකමක්” බව ඉන්දීය රජය නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඉන්දීය පොලීසිය පසුගිය දින තුනක කාලය තුළ කාශ්මීර ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලින් සැකපිට පුද්ගලයන් 500කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments