ඉන්දියාවේ නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වන ගුවන් ගමන්වාර සිය ගණනක් අද උදෑසන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වී තිබේ.
ගුවන් පාලන පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් කටයුතු මැනුවල් ක්‍රමයට සිදුකෙරුණි. මේ වන විට ගැටලුව නිරාකරණය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටිති.
නවදිල්ලි ගුවන් තොටුපොළ ඉන්දියාවේ වැඩිම ගුවන් ගමන් සංඛ්‍යාවක් — දිනකට 1,500කට වැඩි ගමන්වාර — හසුරුවන තොටුපොළ ලෙස හැඳින්වේ.
නවදිල්ලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ප්‍රමාදයි

