Thursday, November 13, 2025
Homeදේශීයනවදිල්ලි පිපිරීම: මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – බෝම්බකරු වෛද්‍යවරයෙකු

නවදිල්ලි පිපිරීම: මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – බෝම්බකරු වෛද්‍යවරයෙකු

ඉන්දියාවේ අගනුවර නවදිල්ලි, රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) සිදු වූ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇත.

මෙම ප්‍රහාරයේ සැකකාරයා උමාර් මොහොමඩ් නමැති වෛද්‍යවරයෙකු වන බව සැක කර ඇත. ඔහුගේ ඡායාරූපය ද ඉන්දීය ආරක්ෂක අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

උමාර් 1989 පෙබරවාරි 24 වන දින ජම්මු සහ කාශ්මීරයේ පුල්වාමා හි උපත ලැබූ අතර, අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙකි.

පිපිරීම ඊයේ පස්වරු 6.52කට සිදුවූ අතර, එහිදී පුද්ගලයින් 9 දෙනෙක් මියගොස්, තවත් 20 දෙනෙක් තුවාල ලබා ඇත. පිපිරීම සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මෝටර් රථයකදී සිදු වූ අතර, ප්‍රහාරකයාද එම රථය තුළ සිටි බව විමර්ශකයින් සනාථ කර ඇත.

පිපිරීමට පැය තුනකට පෙර, සැකකාර රියදුරු රථය රතු බලකොටුව ආසන්නයේ රථගාලයක් වෙත ගෙන පැමිණීම ආරක්ෂිත කැමරා සටහන්ව තිබේ. පසුව ඔහු රථය රථගාලෙන් ඉවතට පදවා ජනාකීර්ණ මාර්ගයට පිවිස, කෙටි කාලයකින් එය පුපුරවා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments