ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
පිපිරීම ඊයේ (10) පස්වරු 6.52ට පමණ රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසලදී සිදුව තිබේ.
ඉන්දීය මාධ්‍ය අනുസාරයෙන්, අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් අටවා තිබූ මෝටර් රථයක් මෙලෙස පිපිරීමට ලක්ව ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සහ ජාතික ආරක්ෂක බලකාය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ පිපිරීම ගැන අසා දැඩි කම්පනයට පත්වූ බවත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරන බවත් තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශ කළාය.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාද පිපිරීම සිදුවූ ස්ථානයට පැමිණ පරීක්ෂණවලට නායකත්වය ලබාදී ඇත.
මෙම සිදුවීමත් සමඟ නවදිල්ලි ඇතුළු මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හයිද්‍රාබාද් සහ උත්තර් ප්‍රදේශ් යන නගරවල ආරක්ෂාව තර කිරීමත්, දුම්රිය ස්ථාන සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමත් සිදුව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, පිපිරීමට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි හර්යානා ප්‍රදේශයකදී පසුගිය 9 වනදා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක තොගයක් සොයාගෙන තිබූ බවත් එම සිදුවීම් දෙක අතර සම්බන්ධතාවයක් තිබිය හැකි බවට සැක පලවෙමින් ඇති බවත්ය.
නවදිල්ලි රතු බලකොටුව අසල පිපිරීමකින් 9ක් මරුට

