නවසීලන්තයේ කඳවුරු භූමියක සිදුවූ නාය යෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නාය යෑම නවසීලන්තයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ පිහිටි කඳවුරු භූමියකදී සිදුව ඇති බව සඳහන් වේ.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, බේරාගත් පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතුද සිදුකරමින් පවතී.
මේ අතර, පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා වී ඇත.
ඕක්ලන්ඩ් නගරය අවට ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, කාලගුණ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, ඕක්ලන්ඩ් නගරයට උතුරින් පිහිටි මහුරංගි ගඟේ ජල මට්ටම අවදානම් සීමාවන් ඉක්මවා ඉහළ ගොස් ඇති අතර, මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බැවින් අත්‍යවශ්‍ය නොවන ගමන් වලින් වැළකී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

