Friday, January 16, 2026
Homeවිදේශීයනවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්


නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

තමාගේ දරුවන් දෙදෙනා ඝාතනය කළ නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර තිබේ.

විදෙස් වාර්තා අනුව, ඕක්ලන්ඩ් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ මව වන හකියුං ලී තම සැමියා පිළිකා රෝගයෙන් මිය ගිය මාස කිහිපයක් පසුව, අට හැවිරිදි යූනා ජෝ සහ හය හැවිරිදි මිනු ජෝ යන දරුවන් ඝාතනය කර, ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ බවයි වාර්තා වන්නේ.

2018 දී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන්, සැප්තැම්බර් මාසයේදී ඇය දෝෂි යැයි තීරණය වී ඇත.

අධිකරණයේ තීන්දුවෙන් පස්සේ, ඇයට අවම වශයෙන් වසර 17ක් සිරවියේ සිටීමට තිබේ, එයට පසුද සමාව ලැබීම සම්බන්ධයෙන් සලකා බලන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments