Tuesday, February 17, 2026
Homeදේශීයනව වසරට ආශිර්වාද ලබාගැනීමට ජනපති රාමඤ්ඤ හා අමරපුර මහා නාහිමිවරුන් බැහැදකී

නව වසරට ආශිර්වාද ලබාගැනීමට ජනපති රාමඤ්ඤ හා අමරපුර මහා නාහිමිවරුන් බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව වසරට ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රාමඤ්ඤ සහ අමරපුර මහා නිකායන්හි මහානායක හිමිවරුන් බැහැදකී.

ඒ අනුව ඊයේ (01) දහවල් ජනාධිපතිවරයා මීරිගම, මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙම අවස්ථාවේදී මහා නායක හිමිපාණන් වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ජායනා කර නව වසරේ රාජ්‍ය කටයුතු සාර්ථක කරගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ආශිර්වාදය පළ කළහ.

ඊට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැල්ලවත්ත පිහිටි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙතද ගොස් එහි උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබාගත්තේය.

එහිදී ද මහා නායක හිමිපාණන් වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට සිය ආශීර්වාදය පළ කර ඇත.

මෙම අවස්ථාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments