ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (10) කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබේ.
ඇතිවූ තොරතුරු අනුව, නාමල් රාජපක්ෂ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ද එක්ව සිටි අතර, ඔවුන් පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදුජන ඵක්සත් පෙරමුණේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් සමඟ විශේෂ සාකච්ඡාවකටය.
මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටින බව වාර්තා වේ.
ඒ සමඟම, මේ මස 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත “මහා ජනහඬ” විපක්ෂ රැළිය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා හා තීන්දු-තීරණ කිහිපයක් ගැනීම මෙම හදිසි රැස්වීමේ ප්‍රධාන අරමුණ බවයි දේශපාලන වාර්තා සඳහන් කරන්නේ.
නාමල් රාජපක්ෂ හදිසියේම ඩාර්ලි පාරට – විශේෂ දේශපාලන සාකච්ඡාවක්

