පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ කිහිප දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත.
මෙම අනතුරු ඇඟවීම අද (24) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බව සංවිධානය පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කලාපීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙස සහ තවත් කොට්ඨාස සඳහා විමසිලිමත් විය යුතු බව දැනුම් දී ඇත.
අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
ගාල්ල දිස්ත්‍රික්කය – ඇල්පිටිය, බද්දේගම, නාගොඩ, මහනුවර දිස්ත්‍රික්කය – යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල, අරණායක, යටියන්තොට, මාවනැල්ල, රඹුක්කන, දෙහිඕවිට රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, කළවාන
විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක, පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කය – යක්කලමුල්ල, නෙළුව, කළුතර දිස්ත්‍රික්කය – ඉංගිරිය, වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කය – දොළුව, පස්බාගේ කෝරලේ, දෙල්තොට, පාතදුම්බර, යටිනුවර, පාතහේවාහැට, උඩපළාත, ගඟ ඉහළ කොරළය, උඩකුඹුර, කෑගල්ල දිස්ත්‍රික්කය – ගල්ගමුව, වරකාපොල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කය – අලව්ව, නාරම්මල, මල්ලවපිටිය, රිදීගම, මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙළ, පල්ලෙපොල, අඹන්ගඟ කොරළය, ලග්ගල, යටියන්තොට, උඩවත්ත, නාඋල, මාතර දිස්ත්‍රික්ය – වැලිපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ, අඹගමුව, නෝවුඩ්, හඟුරක්කෙත, රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පේ, කිරිඇල්ල, කුරුවිට, අයගම
