Saturday, December 20, 2025
Homeසියලුම පුවත්නාරම්මල OICගේ වැඩ තහනම්

නාරම්මල OICගේ වැඩ තහනම්

නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ පියවර ගෙන තිබෙනවා.

නාරම්මල පොලිස් වසමේ මැටියගනේ ප්‍රදේශයේ සිදුව ඇතැයි කියන හරක් සොරකමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආ පුද්ගලයකුගේ පැමිණිල්ලක් සටහන් කර නොගැනීම මත මොවුන්ගේ වැඩ තහනම් කර ඇති බවයි එම පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති සදහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments