Tuesday, December 23, 2025
Homeදේශීයනිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන...

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන බදු බැඳියාව

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වාර්තාවක් ලබන ජූලි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළා.

දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් දෙදෙනා බදු පනතට අදාළ වරදවල් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් එසේ නියම කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉහත සඳහන් දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණය මගින් නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරතවන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිටි බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments