නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මෝර මසුන් කිලෝග්‍රෑම් 850කට අධික ප්‍රමාණයක් සමඟ ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
වෙන්නප්පුව – වැල්ලමන්කර ධීවර වරායේදී අද (06) අලුයම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක් තුළ සඟවා තිබූ මෙම මෝර මසුන් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෝර මසුන්, ධීවර යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ හා නීතිමය කටයුතු සඳහා වැල්ලමන්කර ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී ඇති බව වෙරළාරක්ෂක බලකාය සඳහන් කරයි.

