Saturday, March 21, 2026
Homeසියලුම පුවත්නේටෝ රටවලට ට්‍රම්ප්ගෙන් දැඩි චෝදනා

නේටෝ රටවලට ට්‍රම්ප්ගෙන් දැඩි චෝදනා

ඉරාන යුද්ධයට සහභාගී නොවීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට හමුදා යෙදවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයේ අනෙකුත් සාමාජික රටවලට දැඩි විවේචන එල්ල කර ඇත.
අමෙරිකා එක්සත් ජනපදය නොමැතිව නේටෝවට කිසිදු බලයක් නොමැති බවද ඔහු සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් මගින් පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්,
“මෙම සටන අපි යුදමය වශයෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. අවදානම අඩු මොහොතකත් ඔවුන්ට ගෙවන්න වෙන තෙල් මිල ගැන පමණක් ඔවුන් පැමිණිලි කරනවා. නමුත් එම තත්ත්වයට හේතු වූ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඔවුන් කැමති නැහැ. එය ඉතා සරල මෙහෙයුමක්. ඔවුන්ට එය කිරීම පහසුයි, අවදානමත් අඩුයි. අපි මේක මතක තබා ගන්නවා,” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments