Wednesday, February 11, 2026
Homeවිදේශීයනොබෙල් සාම ත්‍යාගය ඉරාන දියණියකට

නොබෙල් සාම ත්‍යාගය ඉරාන දියණියකට

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවාය.

ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදී මහත්මියට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කළ බව නෝර්වේජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.

නාර්ගෙස් මොහම්මදී මහත්මිය කාන්තාවන් සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල වන්දියක් ගෙවීමටද සිදුව ඇත.

මේ වන විට ඇයව 13 වතාවක් ඉරාන බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් අවස්ථා 5 කදී ඇය වරදකාරිය වී තිබේ.

ඒ සඳහා සම්පූර්ණයෙන් වසර 31 සිර දඬුවමක් සහ කස පහරවල් 154 ක් ඇයට ලැබී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments