අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ප්රධාන තීරණ 4කට එළඹූනු බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. Twitter සටහනක් තබමින් ඔහු සඳහන් කළේ
- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්රමසිංහ කඩිනමින් සිය ධුරවලින් ඉවත්වීම,
- කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසට උපරිම දින 30ක් සඳහා පත් වීම,
- පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරයෙකු පාර්ලිමේන්තුවේ ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයා ලෙසට තෝරා පත්කර ගැනීම සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන තෙක් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම එම යෝජනා අතර වනවා.