Tuesday, February 17, 2026
Homeදේශීයපද්මේගේ ගෝලයන් 3ක් රුපියල් කෝටි 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

පද්මේගේ ගෝලයන් 3ක් රුපියල් කෝටි 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් තුනදෙනා කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකු බව අනාවරණය වී ඇත.

මෙම වැටලීම සිදුකර ඇත්තේ රජයේ ‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යටතේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවන වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

වැටලීමේදී ඔවුන් සතු සිටි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 165ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිස් වාර්තා සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments