Monday, December 22, 2025
Homeදේශීයපද්මේ – පියුමි සබඳතා විමර්ශනයට… පියුමිගෙන් ප්‍රශ්න කරයි

පද්මේ – පියුමි සබඳතා විමර්ශනයට… පියුමිගෙන් ප්‍රශ්න කරයි

රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමඟ තිබූ සබඳතා සම්බන්ධයෙන් රංගන ශිල්පිනි පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කර ඇති බව පොලිසිය තහවුරු කරයි.

ඒ අනුව, ඇය ඊයේ (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් අනුව පැමිණ පෙනී සිට තිබේ.

පියුමි හංසමාලිගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පැය තුනකට අධික කාලයක් ගත වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙහෙල්බද්දර පත්මේ සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව තවත් නළු නිලි කිහිප දෙනෙකුගෙන්ද ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතින බවත් පොලිසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments