දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු හා උතුරුමැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් අද (28) උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මිනිස් සිරුරට දැනෙන උණුසුම සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතින බව සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් විජලනය, උෂ්ණතා ආබාධ හා උෂ්ණ ආඝාත වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙයි.
විශේෂයෙන් පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම වැළැක්වීම, නිතර ජලය පානය කිරීම සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වැදගත් බව උපදෙස් ලබාදී ඇත.
තවද, කුඩා ළමුන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වැඩි අවධානය යොමු කරන ලෙසද බලධාරීන් ඉල්ලා සිටියි.
පළාත් කිහිපයක උණුසුම අදත් අවධානය යොමු කළ යුතු මට්ටමක

