Friday, February 20, 2026
Homeදේශීයපළාත් සභා ඡන්ද විමසීම ගැන යෝජනා සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම ගැන යෝජනා සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පත් කළ බවයි.

මෙම කාරක සභාවට මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි සහ නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීන් පත් කර ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments