පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජය යුගයක් කරණ බවට වත්මන් රජය පොරොන්දු වී ගෙන ආ නව ක්‍රමය තුළ මිනිමරු සංස්කෘතිය ප්‍රචලිත වී ඝාතන ක්‍රියාදාම වර්ධනය වී ඇති බවත් මේ වන විට තරගයට මනුෂ්‍ය ඝාතන සිදු කර ජීවිත හානි පවා සිදු කරන බවත් මහජන නියෝජිතයන්ට ජනතාව අතරට ගොස් සේවය කිරීම අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි තත්ත්වයක් උඩ රජය කියන්න තරම් බොරු කිය කිය සමාජය මිනිමරුවන්ට පාතල කල්ලිවලට ඝාතකයන්ට පවරා ඇති බවත් ඊට අමතරව තර්ජනය ගර්ජනය පතුරා රාජ්‍ය තුළ ඒකාධිපති ක්‍රමය ප්‍රචලිත කරවන්න කටයුතු කරන බවත් දැන් රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ඒකාධිපති ක්‍රමයක් නිර්මාණය කර ප්රජාතන්ත්රවාදය යටපත් කරවන්න හදන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලිය සම්මන්ත්රණ පුර පැවැති ජන හමුවක් අමතමිනි.
වැලිගම සමගි ජන බලවේගයේ සභාපතිවරයාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව ලිව්වත් ආරක්ෂාව නොදුන් නිසා අවසානයේ ඝාතකයන්ගේ ගොදුරක් බවට පත් වූ බවත් ජගත් විතාන මහතාට පවා ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් මේ ජීවිත තර්ජන පවා හෙළි කළේ පොලිසිය නොව ජගත් විතාන මහතා බවත් මේ ගැන ජගත් විතාන මහතා කියන විට පොලිස්තිවරයා විසින් ජගත් විතාන මහතා අපරාධකරුවකු කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ රජය උත්සාහ කරන්නේ සජබට බලය ඇති පළාත් පාලන ආයතනවල බලය ගන්න
වැලිගම සහ මතුගම සිදුවීම් දෙකේ සමානකම් ඇති බවත් මේ දෙකේම සභාපතිවරු සමගි ජන බලවේගය බවත් එදා මේ සභාපතිකම් ගන්න රජය කොතරම් උත්සාහ කළත් නොහැකි වූ බවත් මේ ඝාතන කුමන්ත්‍රණ සහ මේ සිදුවීම් අතර සම්බන්ධයක් ඇත්දැයි සැකසහිත බවත් මේ ඝාතන රැල්ලට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට ඇති නොහැකියාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ මහජන නියෝජිතයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
එසේම විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතවල වගකීම රජය සතු බවත් ආරක්ෂාව තහවුරු කරන්න කියා කතානායකවරයාට දැනුම් දුන්නත් තවමත් ප්‍රතිචාර නොමැති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හානියක් වුවහොත් එහි වගකීම රජයේ බැවින් බොරුව පසෙකලා නීතිය හා සාමය ඇති කරන්න පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ඝාතකයන් එක්ක කුඩු කල්ලි එක්ක සමගි ජන බලවේගයට සම්බන්ධතා නැති බවත් මේ ඝාතන හා කුඩු සංස්කෘතිය දුරාචාරය ප්‍රතික්ෂේප කරන නිසා මේවා නැති කරන්න රජය පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
