Tuesday, February 17, 2026
Homeweatherweatherප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං අනතුරු

ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං අනතුරු

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමඟ උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ස්වල්ප වැසි ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලද, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලද විටින් විට පැ.කි.මී. 50-60ක තද සුළං ඇතිවිය හැකිය.

තද සුළං හේතුවෙන් අනතුරු සිදුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments