බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සමඟ උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ස්වල්ප වැසි ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලද, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලද විටින් විට පැ.කි.මී. 50-60ක තද සුළං ඇතිවිය හැකිය.
තද සුළං හේතුවෙන් අනතුරු සිදුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
