දිවයිනේ ප්‍රදේශ කිහිපයක දියේ ගිලීමෙන් ඊයේ (16) මරණ දෙකක් වාර්තා වී ඇති අතර තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.
හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවක් සහ 8 හැවිරිදි දරුවෙකු රළකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරගත්තද කාන්තාව පසුව මරණයට භාජනය වී ඇත.
කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයේදී දිය නෑමට ගිය තරුණ දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර නාවික හමුදාව මගින් බේරගත් ඔවුන්ගෙන් එක් තරුණයෙකු (වයස 19) ජාතික රෝහලට ඇතුළත් කර පසුව මියගොස් ඇත.
එසේම මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු එගොඩඋයන මුහුදු තීරයේ දියේ ගිලී අතුරුදන්වී ඇති අතර ඔහු සොයා පොලීසිය සහ ආරක්ෂක අංශ මෙහෙයුම් සිදුකරමින් සිටී.
ප්‍රදේශ කිහිපයකදී දියේ ගිලීමෙන් මරණ 2ක් – තවත් අයෙක් අතුරුදන්

