Saturday, December 20, 2025
Homeදේශීයප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

දිවයින පුරා පවතින වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 52කට අධික සංඛ්‍යාවක් මේ වනවිටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මහනුවර, කුරුණෑගල, මොනරාගල, පොළොන්නරුව, පුත්තලම, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේය.


දැනට නිකුත් කෙරෙන ජල ප්‍රමාණය අවම මට්ටමේ පවතින අතර, ඉදිරි වර්ෂාපතනය අනුව එය වෙනස් විය හැකි බවද සඳහන් වේ.
ඒ අනුව ජලාශ පහළ ප්‍රදේශවල ජනතාව ජල නිකුත් කිරීම පිළිබඳ නිවේදන කෙරෙහි දැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments