Thursday, November 13, 2025
Homeweatherweatherප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය අද (13) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන් වන අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments