Thursday, November 13, 2025
Homeදේශීයප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය

ප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය අද (11) වැඩි ඡන්ද හතරකින් පරාජය විය.

එහිදී පාලන පක්ෂය අයවැයට පක්ෂව ඡන්ද 6ක් ලබාදෙද්දී විපක්ෂය සියලු ඡන්ද විරුද්ධව ලබාදීමෙන් අයවැය පරාජයට පත් විය.

එතැනින් වෙනස්ව, ආරච්චිකට්ටුව සහ මීගහකිවුල ප්‍රාදේශීය සභා අයවැය සභාපතිවරුන්ගේ තීරක ඡන්දයෙන් සම්මත විය.

හලාවත නගර සභාවේ අයවැය ද එක් වැඩි ඡන්දයකින් සම්මත වූ අතර, ස්වාධීන සභිකයෙකුගේ පක්ෂව ඡන්දය එයට බලපෑවේය.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 14කින් සම්මත වූ අතර, එහිදී විවිධ පක්ෂවල සභිකයින් පක්ෂව ඡන්දය ලබාදුන් බව ද අනාවරණ විය.

ඒ අතර, මතුගම සහ වැලිගම ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් පවතින විරෝධතා හේතුවෙන් කීපයකි පක්ෂවල සභිකයින් අද විරෝධතාවක නිරත විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments