Friday, November 14, 2025
Homeක්‍රීඩාපාකිස්තානයට ලකුණු 289ක ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 289ක ඉලක්කයක්



රාවල්පින්ඩියේදී අද (14) පැවැත්වූ ශ්‍රී ලංකා–පාකිස්තාන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට හැරයාමට ආරාධනා කළා.

පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 288ක් රැස් කළ අතර, ජනිත් ලියනගේ 54 ද, කමිඳු මෙන්ඩිස් 44 ද, සධීර සමරවික්‍රම 42 ද ලබාගත්තා.

පන්දුව යැවූ පාකිස්තාන බෲන්දුවෙන් Haris Rauf සහ Abrar Ahmed කඩුලු 2 බැගින්ද, Mohammad Wasim එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය

ඒ අනුව පාකිස්තානයට ජයක් සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹා යාමට නියමිතය.

අද තරගයට ශ්‍රී ලංකාව එක් කළ වෙනස්කම වන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට ඇතුළත් කිරීමයි. පාකිස්තාන නායක ශහීන් ෂා අෆ්රිඩි නොපෙනී සිටීමත් සමඟ නායකත්වය සල්මන් අගා වෙත පැවරා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments