පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්රස්තයන් විසින් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසිංහ මහතා වෙත (05) කරුණු වාර්තා කළේය.
දැනට ත්රස්ත ක්රියා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අයි.එස්. ත්රස්තවාදීන් විසින් මෙම සැලසුම සැලසුම් කර ඇති බව ද කරුණු අනාවරණය වේ.
පල්ලෙකැලේ බන්ධනාගාරයේ රැඳවූවකු අදාළ ත්රස්තයන්ගේ සැලසුම සම්බන්ධයෙන් කරුණු දැනගෙන ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ගත් ලිපියක් තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසි කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.