පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025 ජූනි 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.
රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්මට අනුකූලව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට හිමි විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීම අරමුණු කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත සකස් කර ඇත.
එම පනත් කෙටුම්පත සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිෂ්කාශනයද ලබා ඇති අතර, එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

