ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ.
අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ, එම පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බවත්, ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවයි.

