Sunday, January 25, 2026
Homeදේශපාලනපාසල් කිහිපයකට දින නියමයක් නොමැතිව හදිසි නිවාඩුවක්

පාසල් කිහිපයකට දින නියමයක් නොමැතිව හදිසි නිවාඩුවක්

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාසල් තුනකට සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලකට ඊයේ (07 වැනිදා) සිට නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු සහ ගංවතුර සහ නායයෑමේ අවදානම හේතුවෙන්.

ඒ අනුව, හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලයට, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට සහ ඉහළ වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලයට මෙන්ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යලයට මෙලෙස තාවකාලිකව නිවාඩු ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, වැසි ඇදහැලීම ආරම්භවූ ඉකුත් 04 වැනිදා සිට ඊයේ (07 වැනිදා) වනතුරු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පැවැතියද නිවාස ජලයෙන් යටවීමේ අවදානමක් නැතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments