Thursday, January 15, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාර සැකකරුකෙකු බ්‍රිතාන්‍යයේ සරණාගත භාවය ඉල්ලා සිටියේ


පාස්කු ප්‍රහාර සැකකරුකෙකු බ්‍රිතාන්‍යයේ සරණාගත භාවය ඉල්ලා සිටියේ

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කර ඇප මත නිදහස් කළ ශ්‍රී ලාංකික ඉස්ලාමීය සැකකරුවෙකු මේ වනවිට එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා අනුව ඔහු 2022 ජනවාරි මාසයේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ පසුව ඇප මත නිදහස් වී, ඒ අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවින් බ්‍රිතාන්‍යයට ගොස් ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවට ආපසු යන්නේ නම් පොලීසියෙන් පීඩනය සහ හිංසාවට ලක්විය හැකි බවත්, තම තත්ත්වය නිසා ආරක්ෂාව අවශ්‍ය බවත්ය.

සැකකරු නිර්නාමිකව පවත්වන අතර, ඔහුගේ බිරිඳ ද සමග සරණාගතභාවය ඉල්ලීම් කර ඇත. එරට Home Office ඒ ඉල්ලීම් පළමුව ප්‍රතික්ෂේප කළද, මේ වනවිට ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments