Tuesday, March 3, 2026
Homeදේශීයපාසිකුඩා මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වෙයි

පාසිකුඩා මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වෙයි

කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බව කල්කුඩා පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජිවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් සිදු කරමින් සිටිති.

කල්කුඩා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments