?රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ අදටත් අර්බුද රැසක් පවතින බවත් ප්‍රතිකාර ලබාගැනීමට ජනතාව වසර ගණනාවක් පොරොත්තු ලේඛනවල බලා හිඳින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක පවසයි. වෛද්‍යවරු සහ හෙදියන් දිනපතා රට හැර යමින් පවතින බැවින් රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගන්නා ජනතාව දැඩි ලෙස අසරණ වී ඇතැයිද ඔහු කීය. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය. “අදටත් සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල ප්‍රශ්න තිබෙනවා. ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පාවිච්චි කරලා ජයග්‍රහණය කළා. විශ්වාසභංගයෙන් ජනතාව පැරදිලා. සීයට අනූවකට වැඩි පිරිසක් රෝගී වුණාම යන්නේ රජයේ රෝහලට. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීමටත් මවුපියන්ට මුදල් නෑ. ඒ මදිවට වෛද්‍යවරු නියම කරන බෙහෙත් ගන්න මිනිසුන්ට සල්ලි නෑ.
බොහෝ රෝහල්වලට අවශ්‍ය උපකරණ නෑ. එක්ස් රේ යන්ත්‍ර, සී.ටී. ස්කෑන් යන්ත්‍ර මේ වන විට කැඩී ගොස්. සමහර රෝහල්වල පරීක්ෂණ යන්ත්‍ර තිබුණත් ජනතාවට පොරොත්තු ලේඛනවල ඉන්න වෙලා. සමහර යන්ත්‍ර නැති නිසා වෛද්‍යවරුන්ට රෝගය විනිශ්චය කරගන්න නොහැකිව සිටිනවා. දකුණු පළාතේ ගාල්ල කරාපිටිය රෝහල් පොරොත්තු ලේඛන 2025 වනතෙක් පිරිලා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොරොත්තු ලේඛනයත් වසර එකහමාරක්. ලේඩි රිජ්වේ රෝහලේ තත්ත්වයත් එහෙමයි. ඒ වාගේම ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා රෝගීන් 8,000කට වැඩිය අද පොරොත්තු ලේඛනවල බලාගෙන ඉන්නවා. කිමෝ තෙරපි ප්‍රතිකාරයට අවශ්‍ය එන්නත ෆාමසිවලින් ගන්න වෙලා තියෙනවා.
අපේ යහපාලන ආණ්ඩුව කාලයේ සෞඛ්‍ය ඇමැති හා අපේ ආණ්ඩුව ගත් තීරණ නිසා රෝගීන්ට අවශ්‍ය දේ ලබාදීමට හැකිවුණා. මහනුවර ජාතික රෝහලේ ලීනියා ඇක්සලේටර් යන්ත්‍ර 2ක් ගිය අවුරුද්දේ ඉඳන් මේ වනතෙක් අක්‍රිය තත්ත්වයේ තිබෙනවා. මඩකළපුව රෝහලේ තත්ත්වයත් එහෙමයි. මේ තත්ත්වය දිහා බලද්දි වර්තමාන ආණ්ඩුව මේවාට වියදම් කරලා නෑ.
අපි දැක්කා ප්රවෘත්ති වාර්තාවල සෞඛ්‍ය ක්ෂේත්රයේ පුරප්පාඩු රැසක් පවතිනවා. වෛද්‍යවරු 1,331ක්, හෙදියන් 1,759ක් සහ දන්ත වෛද්‍යවරු 77ක් හිඟයිලු. ඒ නිසා දිනපතා වෛද්‍යවරු, හෙදියන් ඇතුළු පිරිස රටින් එළියට ඇදීයන බව පේනවා. අපි ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටි රටක්. අද වනවිට ඒක සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තියෙනවා. දූෂිත පාලනය, ගනුදෙනු නිසා මෙහෙම වෙලා තියෙන්නේ. මේ දේවල් සඳහා අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් අපි ඉල්ලනවා.
රටේ නයකයා විවිධ රටවලට ගොස් පිරිසුදු පාලනයකින්්, රට ගොඩගන්න හැටි පිළිබඳ අදහස් පළ කරනවා. රට තුළදී පොහොට්ටුවේ ලෝක හොරු සෙට් එකක් ඔහු වටේට ඉන්න හැටි. රටේ ජනතාවට පේනවා මේ දේවල්. තියෙන ණය ගෙවන්න ආණ්ඩුව අලුත් ණය ගන්නවා. මේවා රටේ ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ.
ලෝකේ වටේ ගිහින් මොන පම්පෝරි ගැහුවත් රටේ රෝහල්වල බෙහෙත් නෑ. රටේ මිනිසුන්ට රස්සා නෑ. පාසල්වල ගුරුවරු හිඟයි. ජනතාවට කන්නත් නෑ. ගාමන්ට් ෆැක්ටරි දිනෙන් දින වැහෙනවා. ගොවීන්ට වගාවන්ට ජලය නෑ. පොහොර නෑ. ගොවීන්ට නිසි මිලක් ලැබෙන්නේ නෑ. ලෝකෙ වෙන කොහේහරි රටක වීසා නැතිව යන්න දුන්නොත් පුළුවන් කියලා ආරංචි වුණොත් එදාට බලාගන්න පුළුවන් ලෝකේ දිගම පෝලිම.
මේ සේරම අස්සේ සමාජ මාධ්‍ය මර්දනය කරන්නත් යනවා. ලබන වසරේ මැතිවරණ කිහිපයක් එනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරණය කොහොමත් තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ මත මර්දනයට දැන් සමාජ මාධ්‍ය මර්දනයට ලෑස්ති වෙනවා.
තරුණයන් ඉල්ලුවේ ක්‍රමවේදයේ වෙනසක්. ආණ්ඩුවට විරුද්ධ මත සමාජ මාධ්‍යයෙන් පිටවෙනකොට ඒවා වළක්වන්නයි මේ උත්සාහ කරන්නේ. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ඡන්දෙන් තායිලන්තයේ තරුණ පිරිස පාඩමක් ඉගැන්නුවා. සමාජ මාධ්‍ය වැඩිපුරම භාවිත කරන්නේ තරුණයන්. ජනතාවගේ විරෝධය දිනෙන් දින ආණ්ඩුවට එරෙහිව නැඟෙනකොට ඒවා යටපත් කරන්නයි මේ උත්සාහ කරන්නේ.”
සචිත්ර පෙරේරාපිරිසුදු පාලනයක් ගැන ලෝකයට කියන රනිල් වටේම ඉන්නෙ ලෝක හොරු
රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ අදටත් අර්බුද රැසක් පවතින බවත් ප්‍රතිකාර ලබාගැනීමට ජනතාව වසර ගණනාවක් පොරොත්තු ලේඛනවල බලා හිඳින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක පවසයි. වෛද්‍යවරු සහ හෙදියන් දිනපතා රට හැර යමින් පවතින බැවින් රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගන්නා ජනතාව දැඩි ලෙස අසරණ වී ඇතැයිද ඔහු කීය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.
“අදටත් සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල ප්‍රශ්න තිබෙනවා. ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පාවිච්චි කරලා ජයග්‍රහණය කළා.
විශ්වාසභංගයෙන් ජනතාව පැරදිලා. සීයට අනූවකට වැඩි පිරිසක් රෝගී වුණාම යන්නේ රජයේ රෝහලට.
දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීමටත් මවුපියන්ට මුදල් නෑ. ඒ මදිවට වෛද්‍යවරු නියම කරන බෙහෙත් ගන්න මිනිසුන්ට සල්ලි නෑ. බොහෝ රෝහල්වලට අවශ්‍ය උපකරණ නෑ. එක්ස් රේ යන්ත්‍ර, සී.ටී. ස්කෑන් යන්ත්‍ර මේ වන විට කැඩී ගොස්. සමහර රෝහල්වල පරීක්ෂණ යන්ත්‍ර තිබුණත් ජනතාවට පොරොත්තු ලේඛනවල ඉන්න වෙලා. සමහර යන්ත්‍ර නැති නිසා වෛද්‍යවරුන්ට රෝගය විනිශ්චය කරගන්න නොහැකිව සිටිනවා. දකුණු පළාතේ ගාල්ල කරාපිටිය රෝහල් පොරොත්තු ලේඛන 2025 වනතෙක් පිරිලා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොරොත්තු ලේඛනයත් වසර එකහමාරක්. ලේඩි රිජ්වේ රෝහලේ තත්ත්වයත් එහෙමයි. ඒ වාගේම ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා රෝගීන් 8,000කට වැඩිය අද පොරොත්තු ලේඛනවල බලාගෙන ඉන්නවා. කිමෝ තෙරපි ප්‍රතිකාරයට අවශ්‍ය එන්නත ෆාමසිවලින් ගන්න වෙලා තියෙනවා.
අපේ යහපාලන ආණ්ඩුව කාලයේ සෞඛ්‍ය ඇමැති හා අපේ ආණ්ඩුව ගත් තීරණ නිසා රෝගීන්ට අවශ්‍ය දේ ලබාදීමට හැකිවුණා. මහනුවර ජාතික රෝහලේ ලීනියා ඇක්සලේටර් යන්ත්‍ර 2ක් ගිය අවුරුද්දේ ඉඳන් මේ වනතෙක් අක්‍රිය තත්ත්වයේ තිබෙනවා. මඩකළපුව රෝහලේ තත්ත්වයත් එහෙමයි. මේ තත්ත්වය දිහා බලද්දි වර්තමාන ආණ්ඩුව මේවාට වියදම් කරලා නෑ.
අපි දැක්කා ප්රවෘත්ති වාර්තාවල සෞඛ්‍ය ක්ෂේත්රයේ පුරප්පාඩු රැසක් පවතිනවා. වෛද්‍යවරු 1,331ක්, හෙදියන් 1,759ක් සහ දන්ත වෛද්‍යවරු 77ක් හිඟයිලු. ඒ නිසා දිනපතා වෛද්‍යවරු, හෙදියන් ඇතුළු පිරිස රටින් එළියට ඇදීයන බව පේනවා. අපි ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටි රටක්. අද වනවිට ඒක සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තියෙනවා. දූෂිත පාලනය, ගනුදෙනු නිසා මෙහෙම වෙලා තියෙන්නේ. මේ දේවල් සඳහා අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් අපි ඉල්ලනවා.
රටේ නයකයා විවිධ රටවලට ගොස් පිරිසුදු පාලනයකින්්, රට ගොඩගන්න හැටි පිළිබඳ අදහස් පළ කරනවා. රට තුළදී පොහොට්ටුවේ ලෝක හොරු සෙට් එකක් ඔහු වටේට ඉන්න හැටි. රටේ ජනතාවට පේනවා මේ දේවල්. තියෙන ණය ගෙවන්න ආණ්ඩුව අලුත් ණය ගන්නවා. මේවා රටේ ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ.
ලෝකේ වටේ ගිහින් මොන පම්පෝරි ගැහුවත් රටේ රෝහල්වල බෙහෙත් නෑ. රටේ මිනිසුන්ට රස්සා නෑ. පාසල්වල ගුරුවරු හිඟයි. ජනතාවට කන්නත් නෑ. ගාමන්ට් ෆැක්ටරි දිනෙන් දින වැහෙනවා.
ගොවීන්ට වගාවන්ට ජලය නෑ. පොහොර නෑ. ගොවීන්ට නිසි මිලක් ලැබෙන්නේ නෑ. ලෝකෙ වෙන කොහේහරි රටක වීසා නැතිව යන්න දුන්නොත් පුළුවන් කියලා ආරංචි වුණොත් එදාට බලාගන්න පුළුවන් ලෝකේ දිගම පෝලිම.
මේ සේරම අස්සේ සමාජ මාධ්‍ය මර්දනය කරන්නත් යනවා. ලබන වසරේ මැතිවරණ කිහිපයක් එනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරණය කොහොමත් තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ මත මර්දනයට දැන් සමාජ මාධ්‍ය මර්දනයට ලෑස්ති වෙනවා.
තරුණයන් ඉල්ලුවේ ක්‍රමවේදයේ වෙනසක්. ආණ්ඩුවට විරුද්ධ මත සමාජ මාධ්‍යයෙන් පිටවෙනකොට ඒවා වළක්වන්නයි මේ උත්සාහ කරන්නේ.
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ඡන්දෙන් තායිලන්තයේ තරුණ පිරිස පාඩමක් ඉගැන්නුවා. සමාජ මාධ්‍ය වැඩිපුරම භාවිත කරන්නේ තරුණයන්. ජනතාවගේ විරෝධය දිනෙන් දින ආණ්ඩුවට එරෙහිව නැඟෙනකොට ඒවා යටපත් කරන්නයි මේ උත්සාහ කරන්නේ.
—-මව්බිම—