චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවටද, මහා පරිමාණ මිනිස් ජාවාරමක් සම්බන්ධිත නඩුවකටද සම්බන්ධව පිලිපීනයේ බම්බන් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරිය වන ඇලිස් ගුඕට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ඇය ඇතුළු තිදෙනෙකු මෙම චෝදනාවට වරදකරුවන් ලෙස අධිකරණය විසින් සැලකූ අතර, සිර දඬුවමට අමතරව ඇයට ඩොලර් 33,832ක දඩයක්ද නියමකර ඇත.
මෙම සිදුවීම පිලිපීන ඉතිහාසයේ විශාලතම වංචාවක් ලෙස සටහන් වන අතර, ඇයට අයත් බව කියන මධ්‍යස්ථානයක රඳවා සිටි මිනිස් ජාවාරම් සඳහා භාවිතා කළ පුද්ගලයින් 800ක පමණ සංඛ්‍යාවක් වැටලීම්වලදී මුදා ගැනීමටද ආරක්ෂක අංශයට හැකිවිය.

