Friday, December 12, 2025
Homeදේශීයපිහිටට ගිය විදුලි සේවකයෙකු විදුලි සැරට මියයයි

පිහිටට ගිය විදුලි සේවකයෙකු විදුලි සැරට මියයයි

අයහපත් කාලගුණය හේතුවෙන් බිඳවැටුනු විදුලි මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කිරීමේදී, විදුලි සැර වැදීමෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු මියගොස් තිබේ.

මෙම අනතුර ඊයේ (03) බෝවත්ත–වීරපොකුණ ප්‍රදේශයේදී ඇති වූ අතර, බිඳවැටුම් ගැටළු සකස් කරමින් සිටියදී ඔහු විදුලි සැරට ගැටුණ බව වාර්තා ය.

අනතුරට පත් සේවකයා වීරපොකුණ මූලික රෝහලට, පසුව කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළද ප්‍රතිකාර පිළිගෙන සිටියදී මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ කුලියාපිටිය–හෙට්ටිපොල ප්‍රදේශීය සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments