Friday, February 13, 2026
Homeදේශීයපුංචි ඡන්දය ගැන සාකච්ඡාවට කොමිසම අද රැසවෙයි

පුංචි ඡන්දය ගැන සාකච්ඡාවට කොමිසම අද රැසවෙයි

පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (21) රැස්වන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

පළාත් පාලන ඡන්ද විමසිමේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටලු හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම සඳහා මෙලෙස කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments